Thursday, January 9, 2014

ඔබේ ඇස කලාත්මකද? - මැන බලන්න






ජූරිය ඔබයි
-----------------------------------------
ඔබේ ඇස කොතරම් කලාත්මකද කියා
මැන බලන්න හොඳ අවස්ථාවක්.

මේ වෙබ් පිටුවට පිවිසෙන්න.
http://ridmasankalana.blogspot.com/2014/01/blog-post_9.html

පොළොන්නරුව ගල් විහාරයේ පිළිම වහන්සේලා නැරඹූ
විවිධ තලවල ඡායාරූප ශිල්පීන් රැසක් විසින් ගත්
මේ වෙබ් පිටුවේ ඇති ඡායාරූප සියල්ලම
මා සොයාගත්තේ අන්තර්ජාලයෙන්.

මේ වෙබ් පිටුවේ ඇති ඡායාරූප වලින්
හොඳම ඡායාරූපය ලෙස ඔබ තෝරන ඡායාරූපය
මෙම ත්‍රෙඩ් එකේම පළ කරන්න.
Like · · Stop Notifications · Share · Edit · 10 hours ago

  • Athula Siriwardhane .
    මේ වෙබ් පිටුවේ ඇති ඡායාරූප වලින්
    හොඳම ඡායාරූපය ලෙස ඔබ තෝරන ඡායාරූපය

    මෙම ත්‍රෙඩ් එකේම පළ කරන්න.
    http://ridmasankalana.blogspot.com/2014/01/blog-post_9.html

  • Athula Siriwardhane .
    එකම ස්ථානයක්
    විවිධ ඡායාරූප ශිල්පීන්ගේ ඇසින් ඡායාරූප ගත කොට

    මෙවැනි ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වුවහොත්
    එය කොතරම් ජනප්‍රිය වේද?

  • Athula Siriwardhane
    විජිත,

    http://ridmasankalana.blogspot.com/2014/01/blog-post_9.html
    මේ වෙබ් පිටුවේ ඇති ඡායාරූප වලින්
    හොඳම ඡායාරූපය ලෙස
    ඔබ තේරූ ඡායාරූපයත්
    ඔබ ගන්නා අනිත් ඡායාරූපත් බැලුවාම
    ඔබේ දැක්මෙහි අඩුවක් දැනෙනවා.
    මේ ඡායාරූපයෙ ප්‍රමාණයට
    ආසන්න ප්‍රමාණයකින් පටන්ගෙන
    ඔබට හැකි කුඩාම ප්‍රමාණය දක්වා
    ක්‍රොප් කරන්න.

    මේ අයුරින් මෙම ඡායාරූපයෙන්
    ඔබට හැකි තරම් ප්‍රමාණයක්
    ක්‍රොප් කළ පළ කරන්න.
    https://www.facebook.com/photo.php?fbid=10201249715791646&set=gm.201211473402708&type=1
    මේ අභ්‍යාසය උනන්දුවෙන්
    හා හැඟීමෙන් කළොත්
    ඉදිරියෙදි
    ඔබේ ඡායාරූප ගැනීමෙහි
    විශාල වෙනසක් සිදුවෙයි.


  • Athula Siriwardhane .
    ඔබ තෝරන ඡායාරූපය
    මේ ඡායාරූප ශිල්පීන් අතර

    ඔබට හිමි තැන පෙනවනවා.

    එමෙන්ම
    ඔබේ ප්‍රායෝගික හැකියාව ඇත්තේ
    ඊටත් පහළ මට්ටමක විය හැකියි.

    අවශ‍ය සාධක හා
    පුහුණුව ලබා ගැනීමෙන්
    ඔබට නිසැකවම
    ඒ මට්ටම දක්වා
    වර්ධනය වෙන්න පුලුවන්.

  • Chameera Madusanka 10 saha 14 weni pinthura hodai kiyala hithenaws

  • Gimhana Wedage ජූරිය ඔබ වෙන්න ගියාම අතුලගෙන් අහගන්න වෙනවනේ.
    දැන් ඉතිං කට්ටිය බයයි.

  • Athula Siriwardhane .
    දැන් මම හැමෝටම කියන්න යන්නෙ නෑ. Gimhana...
    උනන්දුවෙන්, නිහතමානීව වැඩ කරන අයට

    ආසාවෙන් කියනවා.
    අනික් අයට කිව්වොත් කියන්නෙ
    කට කහනවට..
    ප්‍රතිචාරය මොකක් වුණත්
    ඒ වෙලාවට කියනවා.
    හැකි හැමවිටම ඔවුන් මග හරිනවා.

    විජිතට කිව්වෙ
    විජිත වැඩ කරන විදිය
    වෙනස් නිසයි..

    විජිත තෝරපු රූපය
    විජිත තේරුවා කියල
    හිතන්න බැරි නිසා
    ඇයි ඒ කියල මම හිතුවා.

    විජිත ගන්න ඡායාරූප වල
    සම්පිණ්ඩණය ඉහළයි..
    ඒ වුණත්
    රටා සහිත සමීප රූප
    ඔහු පළ කරන්නෙ නෑ කියල හිතුණ නිසයි
    අර විදියට ක්‍රොප් කරල බලන්න කිව්වෙ.

    ඔහු දුර රූප වලට දක්වන
    දක්ෂතාවයම
    සමීප රූප වලදිත් තියන බව
    ඒ ක්‍රොප් කිහිපයෙන්
    පැහැදිලිව පෙනෙනවා.

    දැන් එවැනි ඡායාරූපවලට යොමුවීම
    ඉදිරියෙදි ඔහු තැබිය යුතු පියවරක්.

    සම්පිණ්ඩණය හදා ගත්තට පස්සෙ
    මොන ක්ශේත්‍රය වුණත්
    තරණය කරන්න පහසුයි.